[How to]Windows 10 හි සැඟවුණු Dark Mode එක සක්‍රිය කරගන්නා ආකාරය

ඔන්න යාළුවනේ අපේ වෙබ් සයිට් එක අයෙමත් Update කරන්න පටන් ගත්ත. ඔන්න අද ඉඳන් අපේ ටීම් එක ඔයාලට නොදන්නා දේවල් අලුත් දේවල් ගොඩක් කියල දෙයි.එහෙනම් වැඩි කතා නැතුව අපි මාතෘකාවට අදාලව වැඩේ පටන් ගමු.
ඔන්න පහු ගිය ටිකේ Windows 10 ඕඑස් එක රිලීස් කරානේ.ඉතින් වැඩි කාලයක් යන්න කලින් ගොඩක්ම වේගයෙන් ඉන්ස්ටෝල් කරගත්ත ඕඑස් එකක් තමයි මේ Windows 10,ඉතින් ඔන්න ඔය ඕඑස් එකේ සෙටින්ග්ස් වලට වගේ windows වලට default එන්නේ සුදු පාට,එත් ඒ area එකට කළු පාට තිබ්බම තව ගොඩක් ලස්සනයි.මේක ඉතින් වටින්නේ appearance ලස්සනට තියාගන්න ආස අයට තමයි. 

තව දෙයක් මේක windows 10 වල feature එකක් නෙමේ,අපි පොඩි trick එකක් දාල තමයි මෙහෙම වෙනස්කම් කරගන්නේ,මං දැක්ක මේකට පොඩි TOOLS හදල නෙට් එකේ දාල තියෙනවා.එත් මේක අපේ ඕඑස් එකේ REGISTRY එක EDIT කරලා තමයි කරන්නේ,ඉතින් දන්නේ නැති කෙනෙක් හදපු TOOL එකක් RUN කරන එක හරිම භයානකයි. ඉතින් මෙන්න මේ ලේසි trick එක පාවිච්චි කරලා ඔයාලටම පුළුවන් මේ විදිහට කලර් එක වෙනස් කරන්න..(හැබැයි Registry එක edit කරනවා කියන්නෙත් සාමාන්‍යයෙන් නොකළ යුතු වැඩක්.)

01.මුලින්ම ඔයාල windows 10 වල Registry Editor එක ඕපන් කරගන්න ඕනේ.ඒකට Search Bar එකේ Regedit කියල ටයිප් කරගන්න.

02.ඊට පස්සේ Registry Editor Window එකේ මෙන්න මේ පහල දීල තියන Directory එක හොයාගන්න,පිළිවෙලට හරියටම හොයා ගන්න හරිද? :D
            HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Themes\Personalize
  
(ඔයාගේ එකේ කියල එකක් නැත්තන් Themes කියන එක right click කරල New > Key කියන එකට යන්න..ගිහින් Personalize කියල නම add කරගන්න.)

03.ඊට පස්සේ Personalize කියන එක right click කරලා New කියන එකේ DWORD 32 bit Value කියන එක තෝරාගන්න.ඊට පස්සේ  එක AppsUseLightTheme කියල නම් කරගන්න.

04.ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තේ area එකේ ඔයා හදපු entry එක add වෙලා තියෙනවා.ඊට පස්සේ ඒක උඩ Right Click කරලා Modify කියන එක අරගන්න. දැන් බලන්න එන pop-up එකේ Value Data කියන තැන තියෙන්නේ මොකක්ද කියල.එතන බින්දුව(0) තියෙනවනම් මොකුත් කරන්න ඕනේ නෑ.එතන එක (1) තියෙනවනම් එක බින්දුව කරන්න,
05.දැන් වැඩේ හරි,හැබැයි මුල පියවරේ ඉදන්ම නැවත check කරලා බලන්න.
දැන් ඔයාලට කරන්න තියෙන්නේ Log Out වෙලා නැවත Log වෙන එක විතරයි, එහෙමත් නැත්තන් Restart කරන්න.එච්චරයි,





හැබැයි මේ පියවර ටික හරියටම කරානම් වැඩේ හරියටම හරි යනවා,එත් බැරිවෙලාවත් හරි ගියේ නැත්තන් registry එකේ වෙන මොකුත් වෙනස් කරන්න යන්න එපා.
මොකක්ම හරි issue එකක් තියෙනවනම් Comment එකක් දාන්න.වැඩේ හොඳයි නම් Share පාරකුත් දාන්න.ඇඩ්මින්ලා ඕනේ හෙල්ප් එකක් දෙනවා.ඔබට ජය!!!
නැවත හමුවෙමු.
Previous
Next Post »

මේ ලිපිය ඔයාලට හොදයි කියල හිතෙනවනම් අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකක් දාන්න යාලුවනේ.
ConversionConversion EmoticonEmoticon